ත්‍රිරෝද රථ රියැදුරකුගෙන් දිනකට රුපියල් 100ක් කොවිඩ් අරමුදලට

මැයි 08, 2020

    කොවිඩ් – 19 වසංගතය මැඬලීම සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙළට සහයෝගය පළ කිරීමට, තම සාමාජිකයන්ගේ දෛනික ආදායමෙන් රුපියල් 100 ක මුදලක් රජයට ලබාදීමට ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය තීරණය කරයි.

    එය ලබන 11 වැනිද දින සිට ක්‍රියාත්මක කිරීමට බලාපො‌ොත්තු වන බව පැවසේ.

    ලක්ෂ 8 කට වැඩි පිරිසක් මෙහි සාමාජිකත්වය දරයි.

    ත්‍රිරෝද රථ රියදුරන්ට රුපියල් 5000 ක දීමනාවක් ලබාදීම හා ලීසිං පහසුකම් සැළසීම උදෙසා ද රජය පියවර ගෙන තිබේ.

    මේ නිසා රජයට අවශ්‍ය වන තෙක් මෙම  මුදල් ලබා දීමට ක්‍රියා කරන බවයි, වාර්තා වන්නේ.

    Latest News