මෙම ගින්න පැතිරයාම නිසා මේ වනවිට මෙම කදුවැටියේ අක්කර 5 ක පමණ භූමි ප්රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ.
බණ්ඩාරවෙල පොලීසිය හා දියතලාව යුද හමුදා කදුවුරේ යුධ හමුදා නිළධාරීන් එක්ව මෙම ගින්න නිවා දැමීමට බලවත් උත්සහයක යෙදී ඇතත් පවතින වියළි කාලගුණික තත්වය හා සුළං තත්වය මත මෙම ගින්න නිවා දැමීමට දැඩි අසීරු වී තිබේ.
කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සතුන් දඩයම් කිරීම සඳහා හෝ විනෝදය සඳහා මෙම කඳුවැටියට ගිනි තබන්නට ඇතයි, පොලීසිය පවසයි.