දඹේයායේදී ගංජා සමඟ 2ක් දැලේ

ජූලි 05, 2020

    වැල්ලවාය, දඹේයාය ප්‍රදේශයේ දී වියලි ගංජා කිලෝග්‍රෑම් 38යි, ග්‍රෑම් 900ක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

    කුඩාඔය පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර ගංජා තොගය අලෙවි කිරීමට සුදානම් වූ අවස්ථාවේ දී අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. ගංජා ප්‍රවාහනය කල යතුරු පැදිය ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, වැටලීම සිදුකරන අවස්ථාවේ දී තවත් සැකකරුවකු පලාගොස් ඇත. ඔහු අත්අඩංගුවට ක්‍රියාත්මක බව පොලිසිය කියයි.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි වයස 26, 28 වයස්වල පසුවේ. සැකකරුවන් අද (5) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අප වාර්තාකරු පවසයි. විමර්ශන ඌව කුඩාඔය පොලිසිය විසින් සිදු කරයි.

    Latest News