සති අන්ත නිවාඩුවට දේශිය සංචාරකයන් නුවරඑළියට

ජූලි 05, 2020

    සති අන්ත නිවාඩුව සදහා දේශිය සංචාරකයන් විශාල පිරිසක් (04) සහ (05) දිනයන්වල නුවරඑලියට පැමිණ ඇත.

    කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග නුවරඑලියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ විශාල අඩුවක් දක්නට ලැබුණු අතර වෛරසය පැතිර යාමේ අවධානම තරමක් අවම විමත් සමග පනවා තිබු නිරෝධායන රෙගුලාසි ලිහිල් කිරිමෙන් අනතුරුව නුවරඑලියට විශාල සංචාරකයන් පිරිසක් පැමිණ තිබේ.

    නුවරඑලියට සංචාරකයන් පැමිණිමේ අඩුවක් තිබු නිසා නුවරඑලිය ප්‍රදේශයේ සංචාරක හෝටල් සහ නවාතැන් පොලවල් වල ව්‍යාපාර කටයුතු අඩාල වි තිබු අතර යලිත් සංචාරකයන් පැමිණිම නිසා සංචාරක කර්මාන්තය යලිත් යථා තත්ත්වයට පැමිණෙමින් පවති. නගරයේ සියළුම සංචාරක හෝටල් සහ නිකේතන සංචාරකයන්ගෙන් පිරි තිබු අතර, එසේ පැමිණි පිරිසක් මුඛ ආවරණ පැලද නොසිටි බව ද අප වාර්තාකරු පවසයි.

    Latest News