රට, පිරිසිදු පානීය ජලයෙන් ස්වයංපෝෂිත කිරීම මීළඟ ඉලක්කයයි; අගමැති (වීඩියෝ)

ජූලි 05, 2020
  • රට, පිරිසිදු පානීය ජලයෙන් ස්වයංපෝෂිත කිරීම මීළඟ ඉලක්කය බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    තිස්සමහාරාම, සේනපුර ප්‍රදේශයේ අද පැවති ජනහමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මහ මැතිවරණයට තරග කරන හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේක්‍ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජනහමුව කැඳවා තිබිණ. අමාත්‍ය චමල් රාජපක්‍ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු පිරිසක් ද ජනහමුවට එක්ව සිටියහ. දිවයිනේ සෑම පළාතක්ම සංවර්ධනය කිරීම වත්මන් රජයේ අරමුණ බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තිස්සමහාරාම ප්‍රධාන මැතිවරණ කාර්යාලය දෙබරවැව ප්‍රදේශයේදී අද විවෘත කෙරිණ, ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on සදුදා, 06 ජූලි 2020 11:45

    Latest News