බහුදින යාත්‍රාවලට නවීන තාක්‍ෂණය (වීඩියෝ)

ජූලි 15, 2020
  • ධීවරයින්ගේ මත්ස්‍ය අස්වැන්න නරක් නොවී ගොඩබිමට රැගෙන ඒම සඳහා බහුදින යාත්‍රාවලට නවීන තාක්‍ෂණය හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.

    අදාළ අවබෝධතා ගිවිසුමට අද අත්සන් තැබුණේ ඩග්ලස් දේවානන්දා සහ ආචාර්ය බන්දුල ගුණවර්ධන යන අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන්. ඒ ධීවර අමාත්‍යාංශයේ දී.

    බහුදින යාත්‍රා ගොඩබිමට ගෙන එන අස්වැන්නෙන් අඩු ප්‍රමාණයක් නියමිත ප්‍රමිතීන්ට අනුකූල වුව ද, වැඩි කොටසක් ගුණාත්මක නොවීම හේතුවෙන් කරවල සැකසීමට යොදා ගැනේ. බහුදින යාත්‍රා, අපේක්‍ෂිත උෂ්ණත්වය පාලනය කිරීම නිසි ආකාරයෙන් සිදු නොකර දින 30, 45ත් අතර කාලයක් අයිස් තුළ බහා ගොඩබිමට රැගෙන ඒමෙන් මත්ස්‍ය අස්වැන්න ගුණාත්මක භාවයෙන් 70%ක් පමණ අඩුවේ. මෙය, අපනයන වෙළෙඳාමට මෙන්ම දේශීය මත්ස්‍ය සැපයුම හා මිල කෙරෙහිද අහිතකර ලෙස බලපාන බව නාරා ආයතනය පවසයි.

    මත්ස්‍ය පසු අස්වනු හානිය හේතුවෙන් වාර්ෂිකව රුපියල් මිලියන 22කට වැඩි ආදායමක් රටේ ආර්ථිකයට අහිමිවේ. ලියාපදිංචි කර ඇති බහුදින ධීවර යාත්‍රා 5800න් යාත්‍රා 4885ක් පමණ සක්‍රියව ක්‍රියාත්මක වේ. එහෙත්, නවීන තාක්‍ෂණය හඳුන්වාදීමට පියවර ගෙන ඇත්තේ, ඒවායේ ප්‍රමාණවත් තරම් ශීතකරණ හා ගබඩා පහසුකම් නොමැති නිසයි.

    Last modified on බදාදා, 15 ජූලි 2020 20:22

    Latest News