රැඳවියන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් 2ක් දැලේ

ජූලි 15, 2020

    කළුතර බන්ධනාගාරයේ රැඳවියන්ට සූක්‍ෂම ලෙස මත්ද්‍රව්‍ය සහ උපකරණ ලබාදුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    උතුරු කළුතර පොලිසිය වැටලීම සිදු කළේය. බන්ධනාගාර තාප්පයෙන් පිටුපස සිට ටෙනිස් පන්දු තුළ සඟවා මෙම ද්‍රව්‍ය ලබාදීම සිදුකර තිබේ. හෙරොයින්, දුම්කොළ, ජංගම දුරකතන ඇතුළු උපාංග මෙලෙස ලබාදී ඇති බව වාර්තාවේ.

    කාලයක සිට මෙම ජාවාරම සිදු කළ  15 දෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක පිරිසට මුදල් ලබාදී ඇති බව සඳහන්. එක් පන්දුවක බහා යම් දෙයක් ලබාදීම වෙනුවෙන් රුපියල් 15,000ක් ලබා දී ඇති බව පරීක්‍ෂණවලදී තහවුරු වී තිබේ. සැකකරුවන් දෙදෙනෙකු ඊයේ සවස අත්අඩංගුවට ගැණුනු අතර, ඔවුන් සතුව තිබූ පාර්සල් දෙකක ජංගම දුරකතන දෙකක්, චාජර් දෙකක්, හෙරොයින් ග්‍රෑම් 300ක් තිබි සොයා ගැණින.

    ඔවුන් දෙදෙනාගෙන් ලැබුණු තොරතුරුවලට අනුව සෙසු සැකකරුවන් 13 දෙනා ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අද කළුතර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News