යාපනය අර්ධද්වීපයේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට විධිමත් වැඩපිළිවෙළක්

ජූලි 23, 2020

    යාපනය අර්ධද්වීපයේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට රජය පියවර ගෙන තිබේ.

    යාපනය අර්ධද්වීපයේ පානීය ජල ගැටලුව නිරන්තරයෙන් පවතින අතර, ඊට ස්ථිරසාර විසඳුමක් ලබාදීමට පසුගියදා එහි සංචාරය කළ අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා පියවර ගත්තේය. චාවකච්චේරි සරසාලෙයි ප්‍රදේශයේ පැවති සාකච්ජාවේදී මේ පිළිබඳ අවධානය යොමු කෙරිණ. මීට විකල්පයක් ලෙස උප්පුආරු, කප්පුදු ප්‍රදේශ 02 සම්බන්ධ කොට ඔක්තෝබර් සිට ජනවාරි දක්වා කාලවල පවතින වර්ෂාවෙන් ජලය එක්රැස් කිරීමේ ව්‍යාපෘතියක් ඊයේ ආරම්භ කෙරිණ. එය මෙහෙය වන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවයි. එමගින් වාරි ජලය ද ලබාගැනීමට නියමිතයි. ව්‍යාපෘතිය වසරක් තුළ අවසන් කිරීමට සැලසුම් කර තිබේ. ඉරනමඩු වැවේ බැම්ම උස්කොට ගොවිතැන් සඳහා ජලය ලබාදීම ද සැලසුමට අයත්. එමගින් පානීය ජලය ලබාදීමට ද නියමිතයි.

    අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News