අතරමංව සිටි අලි පැටවා සොයා ගනී (වීඩියෝ)

අගෝ 16, 2020
  • වැලිකන්ද, කන්දකාඩු ප්‍රදේශයේ අතරමංව සිටි අවුරුදු එකහමාරක් පමණ වයසැති අලි පැටවෙකු ප්‍රදේශයේ වනජීවි නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.

    අලි පැටවා ගිරිතලේ පිහිටි වනජීවි පශු වෛද්‍ය රෝහල වෙත යොමු කළ බව අප වාර්තාකරු පවසයි. වැලිකන්ද කන්දකාඩු වන රක්‍ෂිතය තුළ කුඩා අලි පැටවකු අතරමංව සිටින බවට ලැබුණු තොරතුරකට අනුව වැලිකන්ද වනජීවි කාර්යාලයේ නිලධාරීන් එහි ගොස් ඒ ගැන සොයා බලා පැටවා එම කාර්යාලය වෙත රැගෙනවිත් තිබේ. අනතුරුව පැටවාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ගිරිතලේ වනජීවි පශු වෛද්‍ය රෝහල වෙත යොමු කෙරිණ.

    අලි පැටවා ගැහැණු සතෙකු වන අතර, උස අඩි දෙකහමාරක් පමණ වේ. කිසියම් රෝගී තත්වයක් හේතුවෙන් මෙම පැටවා මවගෙන් මඟ හැරී යන්නට ඇති බවට වනජීවි නිලධාරීන් සැක පළ කරයි.

    Last modified on ඉරිදා, 16 අගෝස්තු 2020 20:28

    Latest News