කටුනායක ගුවන්තොට විවෘත වන්නේ ශ‍්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමෙන් පසුයි

අගෝ 23, 2020

    දිවයිනට පැමිණිමට අපේක්ෂාවෙන් සිටින ශ‍්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු කටුනායක ගුවන් තොටුපොළ විවෘත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

    මේ වන විට විශේෂ ගුවන් යානා යොදා ගනිමින් විදෙස් ගතව සිටින ශ‍්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු අඛණ්ව සිදු කෙරෙන බවයි, ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඞී. වී. චානක මහතා පැවසුවේ.

    අපනයන භාණ්ඩ ගුවන් මගින් ප‍්‍රවාහනය කරන අතරතුර කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ හරහා එම ගුවන් යානා යොදා ගනිමින් විදෙස් ගත ශ‍්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු සිදු කෙරෙනවා.

     

    Latest News