ප්‍රාග්ධන ණය යෝජනා ඉල්ලුම්පත් භාරගැනීම දීර්ඝ කෙරේ - මහබැංකුව

අගෝ 23, 2020

    කෝවිඩ් තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබාදෙන 4% කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේ ඉල්ලුම්පත් භාර ගැනීමේ අවසන් දිනය සැප්තැම්බර් 30 වැනි දින දක්වා දීර්ඝ කර තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, පසුගිය 19 වැනි දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගත් බවයි.

    ඒ අනුව කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයින්ට “සෞභාග්‍යා කොවිඩ් - 19 පුනරුද සහන ණය පහසුකම්” යටතේ මෙම අයදුම්පත් සැප්තැම්බර් මස 30 දක්වා අදාළ බලපත්‍රලාභී බැංකුවලට ඉදිරිපත් කළ හැකියාව පවතී.

    කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට ව්‍යාපාර සඳහා වාර්ෂිකව 4%ක සහන පොළී අනුපාතිකයක් යටතේ කාරක ප්‍රාග්ධන ණය පහසුකම් සැපයීම සඳහා මෙම ණය වැඩසටහන පසුගියදා හඳුන්වා දුන්නේය.

     

    Latest News