කැලණි සරසවියේ පළමු උපකුලපතිනිය

අගෝ 29, 2020

    කැළණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයේ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා වැඩ භාර ගෙන තිබේ.

    එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයට පත්වූ පළමු කාන්තා උපකුලපතිවරිය ලෙස ඇය ඉතිහාස ගතවනු ඇති.

    කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරියක් ලෙස 1991 වසරේ දී සේවයට එක්වූ ඇය අනතුරුව 1993 වසරේදී කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට බැඳී ඇති අතර, 2012 වසරේ සිට 2018 වසර දක්වා එම වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරිය ලෙස ද ඇය කටයුතු කර කළාය.

    ඉන් අනතුරුව ඇය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ තත්ත්ව සහතිකකරණ සභාවේ අධ්‍යක්‍ෂවරිය ලෙස කටයුතු කරමින් සිටියදී කැලණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති ධූරයට පත්කරනු ලැබ ඇත.

    මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය 1986 වසරේ දී කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ඇති අතර එක්සත් රාජධානියේ වෛද්‍ය විද්‍යාලයකින් වෛද්‍ය පරපෝෂිත විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ලබාගෙන තිබේ.

    Latest News