නව දේශපාලන පක්ෂ ලියාපදිංචියේ සම්මුඛ පරීක්ෂණ අද

සැප් 09, 2020

    නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරිමේ දෙවන සම්මුඛ පරීක්ෂණ අද පැවැත්වේ.

    ජාතික මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, ඒ අනුව පළමු සම්මුඛ පරීක්ෂණයෙන් තේරී පත්වූ අපේක්ෂිත පක්ෂ 20ක දෙවන පරීක්ෂණ අද පැවැත්වෙන බවයි.

    නව පක්ෂ ලියාපදිංචිය සඳහා ඉදිරිපත් වූ පක්ෂ 159 ක් අතුරින් මෙම පක්ෂ 20 දෙවන පරීක්ෂණය සඳහා තෝරා ගෙන ඇති බව, ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

    එම කොමිසම සඳහන් කළේ, වසර 4 ක් අඛණ්ඩ ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වීම, පක්ෂයක් පවත්වාගෙන යාමේ ගිණුම් සහිත වීම හා සක්‍රීය දේශපාලනයේ නිරතවීම ඇතුළු නිර්නායක කිහිපයක් ඊට ඇතුළත් වන බවයි.

    අද පැවැත්වෙන දෙවන සම්මුඛ පරීක්ෂණයෙන් පසු කොමිෂන් සභාව සෑහිමකට පත්වූ පක්ෂ පමණක් මෙලෙස ලියාපදිංචියට තෝරා ගන්නා බව, කොමිසම සඳහන් කළේය.

    තෝරා ගන්නා අදාළ පක්ෂ ලැයිස්තුව ඉදිරියේදී ප්‍රකාශයට පත්වීමට නියමිතය.

    මෙලෙස නව පක්ෂ ලියාපදිංචියක් සිදුවන්නේ, වසර 5 කට පමණ පසුව බව ද, එම කොමිසම සඳහන් කළේය.

    මේ අතර, ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද පැවැත්වේ.

    ඒ ජාතික මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදීය.

    Latest News