සේවකයින් ඉවත් කිරීමට වෝල්ට් ඩිස්නි ආයතනය තීරණය කරයි

ඔක් 01, 2020

    තම සමාගමේ සේවකයින් 28,000 ක් ඉවත් කිරීමට තීරණය කළ බව වෝල්ට් ඩිස්නි ආයතනය නිවේදනය කරනවා.

    කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මාස තුනක කාලයක් ලොව පුරා ඩිස්නි උද්‍යාන වසා දැමීමට එම සමාගම පියවර ගනු ලැබුවා.

    පසුව ඩිස්නි උද්‍යාන විවෘත කෙරුණ ද පැමිණෙන සංචාරකයින් අවමවීම හේතුවෙන් තම සේවක පිරිස නඩත්තු කිරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවයි, එම සමාගමේ බලධාරීන් සඳහන් කරන්නේ.

    ඉවත් කෙරෙන සේවකයින් 28,000 තුනෙන් දෙකක්ම දෛනික දීමනාව යටතේ සේවයට බඳවාගත් සේවකයින් වනවා.

    කෙසේ වුවද පැමිණෙන සංචාරකයින් අවමවීම හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටා ඇති ඩිස්නි උද්‍යානය යළිත් වරක් වසා දැමීමටයි, පාලන අධිකාරිය තීරණය කර ඇත්තේ.

    Latest News