වේයන්ගොඩ 104ක් ස්වයං නිරෝධානයට

ඔක් 06, 2020

    දිවුලපිටියේ හොරගස්මුල්ල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිත කාන්තාවක් හමුවීම නිසා වේයන්ගොඩ පොලිස් වසමේ 104 දෙනෙක් සිය නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා පැවසීය.

    ඔවුන් ආසාදිත කාන්තාව සේවය කළ කර්මාන්තශාලාවේ සේවකයන් බව පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් පැවැසීය.

    මේ අතර කොරෝනා ආසාදිත බවට සැක කෙරෙන පුද්ගලයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ මිනුවන්ගොඩ පිහිටා ඇති කර්මාන්තශාලාවේ සිදුකරන බව වේයන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වසන්තා රණසිංහ පැවසුවාය.

    වේයන්ගොඩ නගරයේ පොලිස් සහ යුද හමුදා ආරක්ෂාව තර කර තිබූ අතර එම පොලිස් බල ප්‍රදේශයට කිසිම පුද්ගලයකුට ඇතුළුවීමට හෝ පිටවීමට නොහැකියි.

    මේ අතර වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශය හරහා ගමන් ගන්නා සියලු රථවාහන දැඩි පරීක්ෂාවට ලක්කරන අයුරු දැකගත හැකිවිය

    Latest News