කොවිඩ් සමාජගතවීමේ අවදානම වැඩියි - වසංගත රෝග විද්‍යා අංශය

ඔක් 06, 2020

    ගම්පහ, ජනගහනය වැඩිම දිස්ත්‍රික්කයක් වන බැවින් සහ මිනුවන්ගොඩ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා පොකුර සංවෘත නොවන බැවින් පෙර අවස්ථාවලට වඩා මෙවර වයිරසය සමාජගත වීමේ අවධානම වැඩි බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසීය.

    විශේෂඥ වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (05 වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.

    ‘‘ඕනෑම මෙහොතක කොවිඩ් – 19 වයිසරය සාමාන්‍යය සමාජයට නිරාවරණය වීමේ අවදානමක් තිබිණ.

    මෙතෙක් කාලයක් කොවිඩ් ආවේ පොකුරු විදියට.

    විශාලම පොකුරු වාර්තා වුණේ වැලිසර නාවික කඳවුරෙන් සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන්.

    නමුත් ඒ අවස්ථා පාලනය කරන්න හැකි වුණේ ඒවා සංවෘත ස්ථාන වූ නිසා.

    ඇඟලුම් ආයතනයත් පොකුරක් ලෙස සැලකිය හැකියි.

    නමුත් ඔවුන් නිවෙස්වල සිට ඒ ආයතනයට ගිය පුද්ගලයන්.

    මේ ආයතනයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් සේවය කරනවා.

    දිගු සතිඅන්ත නිවාඩුව නිසා ඒ අය ගෙවල්වලට ගිහිල්ලා තියෙනවා.

    Last modified on අඟහරුවාදා, 06 ඔක්තෝබර් 2020 19:10

    Latest News