මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1053ක්

ඔක් 09, 2020

    මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 1053ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    එම පොකුර ආශ්‍රිතව ඊයේ(08) දිනයේ හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 19 කි.

    ඊයේ දිනයේ මෙරටින් කොරෝනා අසාදිතයින් 29 දෙනෙකු හඳුනා ගැනුණි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකකයෙකු, ඔවුන්ගේ ආශ්‍රිතයින් 18 දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 7 දෙනෙකු, කුවේට් සිට පැමිණි අයෙකු, ඉරාන ජාතිකයින් දෙදෙනෙකු එලෙස ආසාදිතයින් ලෙස හදුනාගත් බවයි.

    මේ වනවිට මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 4488 කි.

    අසාදිතයින් 3278 දෙනෙකු සුවය ලබා ඇති අතර 1197 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

    යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයින්ගේ PCR පරීක්ෂණ මේ වනවිට අවසන් කර ඇති බවයි.

    පොලිස් මූලස්ථානය කළ දැනුම්දීමකට මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවකයින් අතුරින් 400 දෙනෙකු සෞඛ්‍ය අංශ වෙත ඉදිරිපත් විය.

    නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, කෙසේ වෙතත් තවත් කිහිපදෙනෙකු ඉදිරිපත්වීමට නියමිත බවයි.

    Latest News