“පොඩි ලැසී“ ලබන 16 දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාරයට

ඔක් 09, 2020

    සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන ජනිත් මධුශංක නොහොත්, “පොඩි ලැසී“ නමැත්තා ලබන 16 දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණ.

    ඒ, පොඩි ලැසී නමැත්තා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් තොරව නඩුව අද කැඳවූ අවස්ථාවේදී. බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරු, කොවිඩ් වසංගත තත්වය මත අධිකරණයට ඉදිරිපත් නොකෙරුණු අතර, වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් නඩුව මෙහෙයවනු ලැබීය.

    පොඩි ලැසී චෝදනා ලබා සිටින්නේ, ජනාධිපතිතුමා, ආරක්‍ෂක ලේකම්වරයා සහ බන්ධනාගාර නිලධාරීන් පිරිසකට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා සැකකරුට ඇප නියම කරන ලෙස ඉල්ලා සිටියත්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊට දැඩිව විරෝධය පළ කළේය. ඒ වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූයේ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ලමාහේවා මහතායි.

    අවිස්සාවේල්ල පොලිසියේ දූෂණ විමර්ශන අංශය අද අලුයම සිදු කළ වැටලීමකින් අයිස්, හෙරොයින් හා කේරළ ගංජා සමඟ 2ක් අත්අඩංගුවට ගෙන තිබේ. වැටලීමට පොලිස් නිල සුනඛයෙකුගේ සහය ද ලබා ගැණින. අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක්, හෙරොයින් ග්‍රෑම් 3ක්, කේරළ ගංජා ග්‍රෑම් 320ක්, රුපියල් 14,000 මුදලක් හා ඉලෙක්ට්‍රොනික් තරාදියක් ද පොලිස් බාරයට ගැණින.

    Latest News