ඒ, අදාළ පැමිණිල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ. සැකකරුවන් 13 දෙනා අධිකරණය හමුවට අද ඉදිරිපත් නොකෙරුණ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා, මෙතෙක් සිදු කරන ලද විමර්ශනවල ප්‍රගතිය අඩංගු වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.
දිලීප පිරිස් මහතා ප්‍රකාශ කළේ, සැකකරුවන් ඉකුත් අප්‍රේල් 30 වැනිදා මාතර සිට කොළඹ දක්වා හෙරොයින් කිලෝ ග්‍රෑම් 130ක් ප්‍රවාහනය කළ සිද්ධියට අදාළ විමර්ශන 90%කින් පමණ අවසන් කර ඇති බවයි.