උසස් පෙළ දෙවන දිනයත් සාර්ථකව අවසන්

ඔක් 13, 2020

    අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවැනි දිනය අදයි.

    විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසන්නේ, ආරම්භක දිනය වූ ඊයේ සිට කිසිදු ගැටලුවකින් තොරව විභාගය පැවැත්වීමට හැකියාව ලැබී ඇති බවයි.

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඊයේ ආරම්භ කෙරිණ. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් විභාගය මෙවර පැවැත්වෙන්නේ, විශේෂ සෞඛ්‍යාරක්‍ෂිත වැඩපිළිවෙලක් යටතේ. මෙවර අයදුම්කරුවන් සංඛ්‍යාව තුන් ලක්‍ෂ 62,824 ක්. මධ්‍යස්ථාන 2,648කදී විභාගය පැවැත්වේ.

    Latest News