කැලණි ගඟ දෙපස ඇති කර්මාන්ත ශාලා සංඛ්‍යාව 7000ක් පමණයි.
එම කර්මාන්ත ශාලාවලින් කැලණි ගඟට අපද්‍රව්‍ය හා අප ජලය බැහැර කිරීම නිසා දූෂණයවී ඇති බව පරිසර අමාත්‍යාංශය කළ සොයා බැලීමකදී අනාවරණයවී ඇත.
පසුගිය සඳුදා සිට මධ්‍යම පරිසර අධිකාරියේ කණ්ඩායම් 13ක් යොදවා සමීක්ෂණයක් සිදු කළ බව පරිසර ඇමැති මහින්ද අමරවීර ප්‍රකාශ කරයි.
එම කණ්ඩායම් සිදුකළ සමීක්ෂණයේ වාර්තාව කඩිනමින් ලබා ගෙන නඩු පැවරීමට කටයුතු කරන ලෙස ඇමැතිවරයා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාට දැනුම් දී ඇත.
ඇතැම් කර්මාන්තශාලා ඉතාමත් විෂ සහිත රසායනික ද්‍රව්‍ය පවා කැලණි ගඟට බැහැර කර ඇති බව සමීක්ෂණයේ දී අනාවරණයවී තිබේ.