මහනුවරට දිස්ත්‍රික් ප්‍රකාශන කාර්යාලයක්

දෙසැ 17, 2020

    ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් ප්‍රකාශන කාර්යාලය අද විවෘත කෙරිණ.

    ඒ්, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්.

    මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ නව ප්‍රකාශන කාර්යාංශය ස්ථාපනය කර තිබේ. මහනුවර ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය රජයේ අනපනත් මිලදී ගැනීමට මෙන්ම, රජයේ තොරතුරු දැනගැනීමට ඇති අවස්ථාව පුළුල් කරමින් මෙම කාර්යාංශය පිහිටවනු ලැබීය.

    අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙහිදී කියා සිටියේ, මෙවැනි ප්‍රකාශන කාර්යාංශ දිවයින පුරා ස්ථාපනයට පියවර ගන්නා බවයි. සෑම දිස්ත්‍රික්කයකම මාධ්‍ය පාසල් 25ක් ඉදිරි වර්ෂය තුළ ස්ථාපනය කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා ද, ජනතා නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරින් ඇතුලු පිරිසක් ද මේ අවස්ථාවට ඒක්වූහ.

    Latest News