නත්තල් දේව මෙහෙයට දේශීය නිෂ්පාදන, රෙදිවලින් තැනූ ලෝගු පූජකවරුන්ට

දෙසැ 17, 2020

    මෙවර නත්තල් දේව මෙහෙයට දේශීය නිෂ්පාදන, රෙදිවලින් තැනූ ලෝගු පූජකවරුන්ට ලබාදීමට තීරණය කර ඇති බව, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

    ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු ඒ් ගැන අදහස් පළ කළේය. මෙවර නත්තල් උත්සවය සඳහා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිමාපාණන් ප්‍රමුඛ රදගුරු සම්මේලනයේ සමස්ත රදගුරු පියතුමන්ලා සඳහා දේශීය වශයෙන් නිෂ්පාදනය කර ඇති පූජා ඇඳුම් නිර්මාණය කිරීම බොරැල්ල ශාන්ත අන්තෝනි කන්‍යාරාමයේ කන්‍යා සොහොයුරියන් විසින් සිදු කරනු ලබයි.

    රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊට අවශ්‍ය අත්යන්ත්‍ර රෙදිපිළි ලබාදී තිබේ. දේවස්ථානයට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා ඒ් පිලිබඳව සොයා බැලීය.

    Latest News