දුර ගමන් බස් සේවා අද(1) සිට ඇරඹෙයි

ජන 01, 2021

    දුර ගමන් සේවා බස් ධාවනය අද සිට ආරම්භ කරන බව මගී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

    රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ, මෙතෙක් එම සේවා නිසි පරිදි ක්‍රියාත්මක නොවුණු බවයි.

    කොරෝන ව්‍යාප්තියත් සමග පෞද්ගලික බස් හිමියන් තම බස් රථ ධාවනය සීමා කිරීම හේතුවෙන් ඇතැම් මාර්ගවල බස් රථ ධාවනයේ අඩුවක් පවතින බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    ලංගම බස් රථ යොදා එම අඩුව පිරවීම රජයේ අරමුණ බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.

    කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, තවදුරටත් දුරගමන් සේවා දුම්රිය ධාවනය නොවන බවයි.

    කාර්යාලයීය දුම්රිය පමණක් ධාවනයට එක්කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    Latest News