නව වසරේදී බදු සහන රැසක් - මුදල් අමාත්‍යාංශය

ජන 01, 2021

    උපයන විට ගෙවීමේ බද්ද සහ පොලී ආදායම් මත රඳවා ගැනීමේ බද්ද අද (01) සිට අහෝසි වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

    ඉතුරුම් ගිණුම්වල පොළිය මත මෙතෙක් සියයට 5ක රඳවා ගැනීමේ බද්දක් අය කළ අතර එම බදු අය කිරීම ද අද සිට අහෝසි කර තිබේ.

    මසකට රුපියල් ලක්ෂයකට වඩා වැඩි ආදායමක් ලබන පුද්ගලයෙකු උපයන විට බද්ද ගෙවිය යුතුව තිබූ අතර එය මින් ඉදිරියට එම බදු අය නොකිරීමට රජය මීට පෙර තීරණය කළද මසකට රුපියල් 250,000 කට වඩා වැඩි ආදායමක් උපයන්නේ නම් එම පුද්ගලයින් බදු ගෙවීමට යටත් වේ.

    මීට අමතරව එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු ව්‍යාපාර වලින් අය කිරීමේ සීමාව අද සිට කාර්තුවක් සඳහා රුපියල් මිලියන 75 ක් දක්වා ඉහළ දමා ඇත.

    ඒ අනුව කාර්තුවට රුපියල් මිලියන 75 කට වඩා අඩුවෙන් මුදල් සැපයුමක් පවතින ව්‍යාපාරිකයින්ගෙන් වැට් බදු අය කිරීම නතර කෙරෙන බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest News