ඛණිජ තෙල් සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය වැසේ

ජන 01, 2021

    ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ දෙමටගොඩ පිහිටි ප්‍රධාන කාර්යාලය හා මුතුරාජවෙල ලහිසි තෙල් අංගණය වසා දමා ඇත.

    මුතුරාජවෙල ලිහිසි තෙල් අංගණයේ පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කළ සේවකයකු එම පරික්ෂණ ප්‍රතිඵල නිකුත්වීමට පෙර ප්‍රධාන කාර්යාලයට පැමිණ ඇති බව සඳහන් වේ.

    මෙම සේවකයා ප්‍රධාන කාර්යාලයේ අංශ ගණනාවක සංචාරය කර ඇති බව ප්‍රධාන කාර්යාලයේ ආරක්ෂක අංශ වාර්තා කරයි.

    පරීක්ෂණ වාර්තාවට අනුව එම සේවකයා කොවිඩ් රෝගියකු ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව ආයතන දෙකම වසා දමා තිබේ.

    Latest News