නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට මැතිවරණ කොමිසමෙන් කමිටුවක්

ජන 01, 2021

    නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ කටයුතු මෙම මස සිට ආරම්භ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

    ඒ, එම කොමිසම ඊයේ රැස්වූ අවස්ථාවේදීයි.

    නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අවශ්‍ය නිර්ණායක සකස් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමටයි එම කොමිසම තීරණය කර ඇත්තේ.

    කමිටුවේ නිර්දේශ මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු එකී නිර්ණායක අදාළ පාර්ශවවල දැනගැනීම සඳහා ගැසට් පත‍්‍රයක් මගින් ප‍්‍රකාශයට පත් කිරීමට ද එහිදී තීරණය වී තිබෙනවා.

    Latest News