කොවිඩ් පාලනයට දිස්ත්‍රික් මට්ටමින් හමුදා නිලධාරීන් 25 ක් යෙදවේ

ජන 01, 2021

    කොවිඩ් - 19 වෛරසයේ පාලන කටයුතු ශක්තිමත් කිරීම සඳහා දිවයින පුරා සියලුම පරිපාලන දිස්ත්‍රික් ආවරණය වන පරිදි යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකු පත්කර ඇති බව හමුදාව පවසයි.

    ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානිල යුද හමුදාපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අද (01) සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසීය.

    පත්වීම් ලද සම්බන්ධිකාරක නිලධාරීන්ට කොවිඩ් - 19 වසංගත රෝගී තත්ත්වයන් හේතුවෙන් සාමන්‍ය කටයුතු වලට ඇති වන බලපෑම අවම කිරීම සඳහා, කොවිඩ් - 19 වෛරස තත්ත්වයන් හා සෘජුවම සම්බන්ධ වන රෝග ව්‍යාප්තිය පාලනය නිරෝධායන කටයුතු කිීම හා අවශ්‍යතා කළමනාකාරණය පිණිස ජනාධිපති කාර්යාල ආර්ථික පුනර්ජිවනය හා දිලිදුකම තුරන් කිරීමේ ජනාධිපති කාර්යසාධක බලකාය, සෞඛ්‍ය අමාත්‍යාංශ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය ආදී ආයතනයන්හි සම්බන්ධිකරණ කටයුතු සිදුකිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වගකීම් පවරා ඇති බවද හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේය.

    Latest News