"සඳහිරු සෑය"; ඉදිකිරීම් 75%කින් අවසන්

පෙබ 07, 2021

    මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවි පිදූ ආරක්ෂක අංශ විරුවන් සිහි කරමින් අනුරාධපුර ඉදි කෙරෙන සඳහිරු සෑයේ වැඩ 75%කින් පමණ මේ වනවිට අවසන් වී තිබේ.

    එහි හතරැස් කොටුවේ ඉදිකිරීම් ක්‍රියාත්මකයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ සිටියදී 2010 නොවැම්බර් 22 දින සඳහිරු සෑයේ ඉදිකිරීම් ආරම්භ කෙරිණ. 2015 වසර දක්වා ඉදිකිරීම් වේගයෙන් ක්‍රියාත්මක වුවත්, ඉන් අනතුරුව වසර කිහිපයක් ඉදිකිරීම් සිදුවූයේ මන්දගාමී අයුරින්. චෛත්‍යයේ උස අඩි 282යි, අඟල් 06ක්. අඩි 255ක විෂ්කම්භයකින් එය සමන්විතයි. මෙහි ඉදිකිරීම් සඳහා පූර්ණ දායකත්වය සපයනු ලබන්නේ ත්‍රිවිධ හමුදාවයි.

    යුද හමුදාව විසින් සඳහිරු සෑයේ ඉදිකිරීම් සිදුකරනු ලබන අතර, නාවික හමුදාව ඊට ග‍ඩොල් නිෂ්පාදනය කරමින් දායකත්වය දක්වයි. ගුවන් හමුදාව ද කලුගල් සැපයීම ඇතුළු විවිධ අමුද්‍රව්‍ය සපයමින් ඉදිකිරීම් සඳහා දායක වී සිටී. සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාලත්වයෙන් වැඩි පුරාවිද්‍යා ගඩොල් කෝටි දෙකහමාරක් පමණ මීට අවශ්‍ය බවට ඇස්තමේන්තු කොට තිබේ.

    අවශ්‍ය සිමෙන්ති මලු සංඛ්‍යාව එක් ලක්ෂ 75,000 දහසකි. ශ්‍රී ලංකාවාසී සැදැහැවතුන්ගේ මූල්‍ය දායකත්වය ද මීට ලැබෙමින් පවතින බව යුද හමුදාව පවසයි. චෛත්‍යයේ මූලික හැඩයේ ඉදිකිරීම් මේ වනවිට අවසන් වී ඇති අතර, හතරැස් කොටුවට අමතරව චෛත්‍ය වටා ප්‍රකාරය ද දැන් නිම වෙමින් පවතී.

    Latest News