ඓතිහාසික හිඳගල ලෙන් විහාරය වහාම ප්‍රතිසංස්කරණය කරන්නැයි අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස් (වීඩියෝ)

පෙබ 07, 2021
  • යුග හතරක සිතුවම්වලින් සමන්විත ඓතිහාසික හිඳගල ලෙන් විහාරය වහාම ප්‍රතිසංස්කරණය කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ති‍බේ.

    මෙම ලෙන් විහාරය විනාශයට ලක්වෙමින් පවතින බවට පසුගියදා ජාතික පුවත්පතක පළවී තිබූ පුවතක් සැලකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යවරයා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට මෙම උපදෙස් ලබා දී ඇත.

    ලෙන් විහාරයේ සිතුවම් බොහොමයක් විනාශ වෙමින් පවතින බවත්, ඒ පිලිබඳව වගකිවයුතු බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවත් පවසමින් එම විහාරයේ බාරකාරත්වය උසුලන පූජ්‍ය ඇඹිල්මීගම ධම්මකිත්ති හිමියන් අදාළ පුවත්පතට ප්‍රකාශ කර තිබිණ.

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් මෙම ලෙන් විහාරයට ගොස් ලබා දී ඇති නි‍ර්දේශ අනුව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 07 පෙබරවාරි 2021 22:20

    Latest News