බස්නාහිර පළාත; විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 1,406ක් අත්අඩංගුවට

පෙබ 07, 2021

    බස්නාහිර පළාත ආවරණය වන පරිදි ඊයේ සිදු කෙරුණු විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 1,406ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

    මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබ ඇත්තේ, බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් අනුව. අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 44ක් හා වරෙන්තුකරුවන් 681ක් අත්අඩංගුවට ගත් පිරිස අතර වේ.

    කප්පම් ගැනීම් හා කොල්ලකෑම්වලට සම්බන්ධ සැකකරුවෙකු මුල්ලේරියාව පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය. යතුරු පැදි දෙකක් ද පොලිස් බාරයට ගැණින. සැකකරු සම්බන්ධයෙන් මුල්ලේරියාව, වැල්ලම්පිටිය යන ප්‍රදේශවලින් පොලිසියට පැමිණිලි රැසක් ලැබී තිබේ. අවුරුදු 35ක් වසසැති සැකකරු තලවතුගොඩ කලල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    Latest News