වී සොරකමේ නිරත 4ක් අත්අඩංගුවට

පෙබ 07, 2021

    වී අස්වනු මිලදී ගන්නා බව පවසමින්, දිවා කාලයේ නිවෙස්වලට ගොස් පරීක්ෂා කර, පසුව රාත්‍රී කාලයේ වී සොරකමේ නිරතව සිට ඇති සිව් දෙනෙකු පන්නල, උඩකෑමුල්ල ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගැණින.

    සැකකරුවන් සමඟ වී කිලෝ ග්‍රෑම් 750ක් හා කුඩා ලොරි රථයක් ද පොලිස් බාරයට ගනු ලැබීය. පන්නල-හොරවඩුන්න ප්‍රදේශයේ නිවසක ඉදිරිපිට අසුරා තිබූ වී තොගයක්, කුඩා ලොරි රථයකින් ප්‍රවාහනය කිරීමේ සිද්ධියකට සම්බන්ධව පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව ‍වැටලීම සිදු කර තිබේ.

    Latest News