මියුරි සමරසිංහගේ අවසන් කටයුතු හෙට (08) බොරැල්ල කනත්තේදී

පෙබ 07, 2021

    අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිණි මියුරි සමරසිංහ මහත්මි‍යගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබේ.

    මියයන විට ඇගේ වයස අවුරුදු 81ක්. මියුරි සමරසිංහ මහත්මිය ඊයේ අභාවප්‍රාප්ත විය. ඇය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විකාශය කළ මාසික රැඟුම ප්‍රසංගයෙන් මුල්වරට කලාවට එක්වූවාය. ඇය මිරිඟුව චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් සිනමා රංගනයට ද අවතීර්ණ වූවාය.

    විරාගය, යුගාන්තය, යහළු-යෙහෙළි, මංගල තෑග්ග, මාරුතය හා භව දුක යන චිත්‍රපටවල ඇයගේ රංගනය කැපී පෙණුනි. එරබඳු මල්, දූ දරුවෝ, ගිරය, අසල්වැසියෝ යන ටෙලි නාට්‍යවල ඇයගේ රංගනය මෙරට මහත් ප්‍රේක්ෂක ආකර්ශනයට පාත්‍ර වූවාය.

    හෙට මහජන ගෞරවය සඳහා දේහය සුදර්ශී ශාලාවට රැගෙන ඒමට නියමිතයි. අවසන් කටයුතු එදින බොරැල්ල කනත්තේ දී සිදු කෙරේ.

    Latest News