සේරුවාවිල මංගල වැව ප්‍රතිසංස්කරණට

පෙබ 07, 2021

    සේරුවාවිල මංගල වැව ප්‍රතිසංස්කරණ ආරම්භ කෙරේ.

    ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල මහතාගේ ප්‍රධානත්වයෙන්. රුපියල් මිලියන 25කට ආසන්න මුදලක් මීට වෙන්කර තිබේ. ගොවි පවුල් 400කට පමණ යල-මහ දෙකන්නයේ වගා කිරීමට මෙමගින් දියවර සැපයේ.

    තවත් පවුල් 25කට පමණ මිරිදිය ධීවර කර්මාන්තයේ නිරතවීමට ද අවස්ථාව උදාවේ. ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Latest News