"මිහිඳු නිවහන" ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ (වීඩියෝ)

පෙබ 07, 2021
  • "මිහිඳු නිවහන" ව්‍යාපෘතිය භික්ෂූන් වහන්සේගේ මාපිය හිසට පමණක් නොව ශාසනයට ද, සෙවණ දෙන වැඩපිළිවෙළක් බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවයසි.

    සියඹලාණ්ඩුව බුද්ධම පුරාණ රජමහා විහාරස්ථානයේ අද පැවති "මිහිඳු නිවහන" ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා ‍ඒ පිළිබඳ අදහස් පළ කළේය. අග්‍රාමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ, සම්බුදු සසුන රැකගැනීම සඳහා තම කුල දරුවන් ශාසනයට පූජා කළ මාපියන්ට උපහාර පිණිසයි.

    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. මේ වසරේදී රුපියල් කෝටි 120ක වියදමින් නිවාස 2000ක් ඉදිකිරීමට නියමිතයි. හැවන්වැරෑව ග්‍රාමයේ බුද්ධම කෝසල සහ බුද්ධම නන්දරතන යන හිමිවරුන්ගේ මාපියන් වන ඩී.එම්. සීලවති සහ ඩී.එම්. කිරිබණ්ඩා යන මහත්ම-මහත්මීන් වෙනුවෙන් ඉදි කෙරෙන නිවහන සඳහා අද මුල්ගල තැබිණ. ඒ, ශෂින්ද්‍ර රාජපක්ෂ සහ ඉන්දික අනුරුද්ධ යන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහබාගිත්වයෙන්.


    "මිහිඳු නිවහන" ව්‍යාපෘතියේ සන්නස් පත්‍රය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල හිමියන් වෙත අග්‍රාමාත්‍යවරයා විසින් පිළිගන්වනු ලැබීය. සසුනට කුල දරුවන් පූජා කළ මාපියන් 50 දෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ අත්තිකාරම් මුදල් ප්‍රදානයක් ද මෙහිදී සිදු කෙරිණ.

    Last modified on ඉරිදා, 07 පෙබරවාරි 2021 22:20

    Latest News