ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 66,210 දක්වා ඉහළට

පෙබ 12, 2021

    අද (පෙබරවාරි 12) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 942 ක් වන අතර රටේ මුළුරෝගීන් සංඛ්‍යාව 73,115 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

    ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු සිටින අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් 273 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 181 ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 102 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 383 ක් වන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (පෙබරවාරි 12) දින ප්‍රකාශ කරන ලදී.

    මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුරු ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 69,599 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 64,817 දෙනෙකු පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

    ඊයේ (පෙබරවාරි 11) දින තවත් PCR පරීක්ෂණ 19,687 ක් සිදුකර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

    ඊයේ දිනය තුළ වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 567 කි.

    මේ වනවිට රට තුළ වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 66,210 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    කොරෝනා ආසාදිත රෝගීන් 6,526 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 93 ක් යටතේ පුද්ගලයින් 8,728 ක් නිරෝධායනය කරනු බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

    පසුගිය පැය 24 තුළ මෙරටින් කොරෝනා මරණ 04 ක් වාර්තා වූ අතර ඒ අනුව රටේ කොවිඩ් - 19 මරණ සංඛ්‍යාව 379 දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News