සත්ව දඩයමේ නිරත 4ක් අත්අඩංගුවට

පෙබ 14, 2021

    සිංහරාජ වලන්කන්ද රක්ෂිතයේ සත්ව දඩයමේ නිරතව සිටි 4ක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    රක්වාන පොලිසිය මෙහෙයුම සිදු කළේය. සැකකරුවන් සමඟ සත්ව මංශ තොගයක් මෙන්ම ගිනි අවියක් හා ජීප් රථයක් පොලිස් බාරයට ගැණින. තේ වත්තක හිමිකරුවෙකු වන ප්‍රධාන සැකකරු රත්නපුර පදිංචිකරුවෙක්.

    ඔහු තවත් තිදෙනෙකු සමඟ ගෝන මාංශ කිාලෝ 23ක් රැගෙන රක්ෂිතයේ සිට ජීප් රථයෙන් පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

    සැකකරුවන් අද පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව අප වාර්තාකරු පවසයි.

    Latest News