එම ප්රතිශෝධන පෙත්සම් අද (01) නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර් ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිය.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් හදිසි අවශ්‍යතාවක් සැලකිල්ලට ගෙන එම පෙත්සම ගොනුකර ඇති හෙයින් එය සලකා බැලීම සඳහා ඉතාම කෙටි දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
ඒ අනුව පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු 17 වනදා කැඳවන ලෙසත් එදින ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට දැනුම් දුන්නේය.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබූ නඩුවකට ව්‍යජ ලෙස ගිනි අවි හඳුන්වාදී අසත්‍ය සාක්ෂි නිර්මාණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් දෙදෙනා ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.