කුවේට්හි රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයන් දිවයිනට

මාර් 10, 2021

    කුවේට් රැඳවුම් කඳවුරුවල හා තානාපති කාර්යාල ආරක්‍ෂක නිවාසවල විවිධ හේතූන් මත රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයන් රජයේ මැදිහත්වීමෙන් දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබේ.

    ඒ යටතේ සිය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගියදා මෙරටට පැමිණියේය. කුවේට් ජසීරා ගුවන් සේවයට අයත්, ගුවන් යානයකින් පැමිණි පළමු සිය දෙනා මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලැබ සිටී. එරට රැඳවුම් මධ්‍යස්ථානවල සිටි 70ක් තානාපති කාර්යාලයේ ආරක්‍ෂිත නිවස්නයේ සිටි 22ක් හා විවිධ හේතූන් මත දිවයිනට පැමිණිමට අපේක්‍ෂාවෙන් සිටි 8ක් ඊට ඇතුළත්.

    නාමල් රාජපක්‍ෂ ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස කුවේට්හි අසරණව සිටි මෙම ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට හැකිවිය.

    කුවේට් තානාපති කාර්යාලය පවසන්නේ, විවිධ හේතු මත රජයේ රැකවරණය යටතේ ශ්‍රී ලාංකිකයන් 30ක් පිටුවහල් කිරීමේ මධ්‍යස්ථාන‍යේ 148ක් අනවසර රැඳවුම් දෙපාර්තමේන්තුව යටතේ 160 ක් සහ පොලිස් ස්ථානවල 250ක් මේ වනවිට රඳවාගෙන සිටින බවයි.

    කුවේට් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයන් 6,000ක පමණ පිරිසක් දිවයටනට පැමිණිමට ලියාපදිංචි වී සිටී. ඉන් 3,221ක් මේ වනවිට මෙරටට පැමිණ ඇති බව කුවේට් තානාපති කාර්යාලය සඳහන් කරයි.

    මේ වනවිට දිවයිනට පැමිණ ඇති විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 80,000 ඉක්මවයි. සංචාරක අමාත්‍යාංශය පවසන්නේ, ඉන් බහුතරය පැමිණ ඇත්තේ මැදපෙරදිග කලාපයේ රටවලින් බවයි.

    Last modified on බදාදා, 10 මාර්තු 2021 20:10

    Latest News