ශර්මිලාගේ නඩුවෙන් විනිසුරු ඉවත්වේ

ජන 31, 2019

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ඉල්ලා ගොනු කර ඇති පෙත්සමේ විනිසුරු මඩුල්ලෙන් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ඉවත්වේ. 

    කොළඹ නාගරික මන්ත්‍රීනි ශර්මිලා ගෝනවල මහත්මිය විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

    එම පෙත්සම අද වැඩබලන අභියාචනාධිකරණ සභාපතිනි දීපාලි විජේසුන්දර සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණ.

    වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය සඳහන් කර සිටියේ තමන් මෙම පෙත්සම සලකා බැලීමෙන් ඉවත්වන බවයි. ඒ අනුව මෙම පෙත්සම සළකා බලන දිනය තීරණය කිරීම සඳහා හෙට දින වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන බවද සභාපති විනිසුරුවරිය දැනුම් දුනී.

    Latest News