හෙරොයින් ග්‍රෑම් 24.78ක;ජාවාරම්කරුට මරණ දඩුවම

ජන 31, 2019

    හෙරොයින් ග්‍රෑම් 24.78ක් ළග තබාගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය මරණ දඩුවම නියම කර තිබේ.

    විත්තිකරුට ඉදිපත් කළ චෝදනා දෙකටම වරදකරු බව, මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ප්‍රකාශයට පත් කළේය. විත්තිකරු නඩු විභාගය පැවති අවසන් දිනයෙන් පසු අධිකරණය මගහැර සිටින බැවින් දුටුතැන අත්අඩංගුවට ගැනීමේ නියෝගය ද නිකුත් කරනු ලැබිණ. වරදකරුට ඇප ලබාදී ඇති පුද්ගලයින්ගේ ඇප කොන්දේසි රාජ සන්ථක කිරීමට නියෝගය නිකුත් නොකිරීමට හේතු ඇත්නම් අධිකරණයට දැනුම් දෙන ලෙස ද විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 31 ජනවාරි 2019 14:57

    Latest News