ශිෂ්‍යත්වය සහ උසස් පෙළ අගෝස්තු නොපැවැත්වීමට තීරණයක්

මාර් 14, 2021

    2021 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේ නොපැවැත්වීමට තීරණය කර තිබේ.

    අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් සමග කළ සාකච්ජාවකදී මේ පිළබඳව තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පවසයි. සියලු පළාත් අධ්‍යක්ෂවරුන් ද Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් එම සාකච්ජාව සිදු කර තිබේ.

    පාසල් නොපැවැත්වීමත් සමග නිසි පරිදි විෂය නිර්දේශ ආවරණය නොවීම හේතුවෙන් ලබන අගෝස්තු මාසයේ විභාග පැවැත්වීම සාධාරණ නොවන බව එහිදී සාකච්ඡා වී තිබේ. ඒ අනුව, ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය නැවත පවත්වන දිනයන් පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බව ද විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා ප්‍රකාශ කළේය.

    Latest News