තවත් පාලම් කිහිපයක වැඩ ඇරඹේ

මාර් 14, 2021

    පාලම් දහසේ ව්‍යාපෘතිය යටතේ තවත් පාලම් කිහිපයක වැඩ ආරම්භ කිරීම සිදු කෙරිණ.

    අම්බලන්තොට, ලියන්ගස්තොට වම් ඉවුර හරහා ලියන්ගස්තොට පාලම ඉදිකිරීම අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. වැය කෙරෙන මුදල රුපියල් මිලියන 18ක්. එය දිගින් මිටර් 12ක් හා පළලින් අඩි 5ක් වේ.

    අනුරාධපුර බී-13 ඇළ හරහා ගල්වංගුව-කාගම පාලමේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ, අමාත්‍ය එස්.එම්. චන්ද්‍රෙස්න මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 11ක්. එමෙන්ම බී-1 ඇළ හරහා සරණංකර මාවත-කන්නෙත් මාවත යා කරන පාලමක් ඉදිකිරීම මිලියන 7ක වියදමින් ආරම්භ කෙරිණ.

    Latest News