එන්නත හත් ලක්‍ෂ 70,408කට ලබාදී අවසන්

මාර් 14, 2021

    කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා හත් ලක්‍ෂ 70,408කට එන්නත ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 

    එන්නත් ලබාදීම අද සිදු කෙරුණේ, 45 වැනි දිනටයි. ඊයේ 9,643කට එන්නත් ලබාදී තිබේ. 

    මිනුවන්ගොඩ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ෆාසයට අයත් උඩුගම්පොළ හා කෙහෙල්බද්දර යන ප්‍රදේශවල වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට එන්නත් ලබාදීම අද සිදු කෙරිණ. ඒ, උඩුගම්පොළ ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයේදී.1,542කට එහිදී එන්නත් ලබාදී තිබේ.

    Latest News