අද (21) රාත්‍රී 11.00 සිට මුළු දිවයිනටම සංචරණ තහනම ක්‍රියාත්මකයි....

මැයි 21, 2021

    අද රාත්‍රී 11.00 සිට මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි සංචරණ තහනම ක්‍රියාත්මක බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.


    මෙම තහනම ලබන 25 වැනිදා අළුයම 4.00 දක්වා බලපැවැත්වෙනු ඇත. 25 වැනි දින ලිහිල් කෙරෙන සංචරණ තහනම එදිනම රාත්‍රී 11.00 සිට යළි පැනවෙන අතර, 28 වැනි සිකුරාදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මකයි.

    සංචරණ නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සොයා අද සිට පොලිස් සහ ත්‍රිවිධ හමුදා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    Latest News