දැනට දී ඇති එන්නත් වර්ගවල පළමු මාත්‍රාව 14 ලක්‍ෂ 25,566 ලබාදී අවසන්.....

මැයි 21, 2021

    කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ දැනට ලබාදී ඇති එන්නත් වර්ගවල පළමු මාත්‍රාව ලබාගත් පිරිස 14 ලක්‍ෂ 25,566 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඊයේ ලබාදුන් සයිනොෆාම්, ස්පුට්නික්-වී පළමු මාත්‍රා එන්නත් හා කොවිඩ්ෂීඩ් දෙවැනි මාත්‍රා එන්නත් ලබාගත් සංඛ්‍යාව 24,733ක්. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊ‍යේ 15,988 දෙනෙකුට ලබාදී තිබේ. ඒ අනුව, මෙතෙක් එය ලබාදී ඇති සමස්ත පිරිස හාර ලක්‍ෂ 85,373ක්.

    කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ 8738කට ලබාදී තිබේ. මෙතෙක් එය ලබාගත් පිරිස තුන් ලක්‍ෂ 13,699ක්

    Latest News