සෑම දිස්ත්‍රික්කයකින්ම එක් රෝහලක් ජාතික මට්ටමින් සංවර්ධනයට සැලසුම්

ජූනි 15, 2021

    දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම එක් රෝහලක් ජාතික මට්ටමින් සංවර්ධනයට, රජය සැලසුම් කර තිබේ.

    ඒ අනුව, ශ්‍රී ලංකා ජාතික රෝහලේ පවතින වෛද්‍ය ප්‍රතිකාර, ශල්‍යාගාර සහ රසායනාගාර පහසුකම්වලට සමාන පහසුකම් ලබාදීම සිදු කෙරෙනු ඇත.

    මේ යටතේ, පළාත් සභාවලින් පාලනය කෙරෙන තෘතීක සෞඛ්‍ය සේවා ආයතනය යටතට ගැනෙන මාතලේ, නාවලපිටිය, ඇඹිලිපිටිය, ගම්පහ, අවිස්සාවේල්ල, මන්නාරම, වව්නියාව, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික් මහ රෝහල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනය යටතට පත් කිරීමට නියමිතයි.

    ඒවායේ සේවා සැපයීමේ ගුණාත්මක භාවය, සමානාත්මතාව, කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමට පියවර ගැනෙනු ඇත.

    එම දිස්ත්‍රික් මහ රෝහල් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනයට ලක් කිරීම පිණිස, සෞඛ්‍ය අමාත්‍යවරිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    Latest News