රාජ්‍ය ආයතන සඳහා රෙදිපිළි, දේශීය නිෂ්පාදකයන්ගෙන් මිලදී ගැනීමේ සැලසුමක්

ජූනි 15, 2021

    රාජ්‍ය ආයතන සඳහා වන රෙදිපිළි අවශ්‍යතා පළාත් මට්ටමින් දේශීය නිෂ්පාදකයන් වෙතින් මිලදී ගැනීමේ සැලසුමක් හඳුන්වා දී ති‍බේ.

    ඒ අනුව බතික්, අත්යන්ත්‍ර හා දේශීය රෙදිපිළි අදාළ පළාතේ දේශීය නිෂ්පාදකයන් වෙතින් මිලදී ගැනීමට නියමිතයි.

    එම රෙදිපිළි අවශ්‍යතා අදාළ පළාතේ නිෂ්පාදකයන්ගෙන් සපුරා ගත නොහැකි අවස්ථාවලදී වෙනත් පළාතක නිෂ්පාදකයන්ගෙන් මිලදී ගැනීමට හැකිවන පරිදි බතික් අත්යන්ත්‍ර හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යවරයාගේ නිර්දේශය පරිදි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය.

    Latest News