අභාවප්‍රාප්ත කමල් රත්වත්තේ මහතාගේ අවසන් කටයුතු අද (04) සවස

ජූලි 04, 2021

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී අද (03) දින අභාවප්‍රාප්ත විය.

    මිය යන විට ඒ මහතා 61 වන වියේ පසුවිය. වත්මන් රජය බලයට පත්වීමත් සමග විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ධූරයට 2019 වර්ෂයේ දෙසැම්බර් මස පත් වූ ඒ මහතා ඊට පෙර ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ උප සභාපති ලෙස ද, ජාතික රක්ෂණ සංස්ථාවේ කි‍්‍රයාකාරි අධ්‍යක්ෂක ලෙස සහ රත්නපුර ශ‍්‍රී සුමන සමන් දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙසද කටයුතු කර තිබේ.

    දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සොයුරෙකු වූ ක්ලිෆර්ඩ්‍ රත්වත්තේ මහතාගේ පුත්‍රයෙකු වූ කමල් රත්වත්තේ මහතා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. ඔහුගේ අවසන් කටයුතු අද (04) සවස 4.00ට බොරැල්ල කනත්තේ දී සිදු කෙරේ

    Latest News