තවත් සයිනොෆාම් මාත්‍රා ලක්‍ෂ 10ක් අද (04) මෙරටට

ජූලි 04, 2021

    තවත් සයිනොෆාම් මාත්‍රා ලක්‍ෂ 10ක් අද මෙරටට රැගෙන එනු ලැබීය.

    චීනයේ බීජිං නුවර සිට පැමිණි යූ.එල්. 869 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන් එන්නත් තොගය අද (04) අලුයම මෙරටට රැගෙන එනු ලැබීය. ඒ, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන්. එහිදී එන්නත් මාත්‍රා තොගය ගුවන් තොටුපල බලධාරීන් විසින් බාර ගනු ලැබීය.

    පසුව එම එන්නත් කොළඹ වසංගත රෝග විද්‍යා ඒකකයේ පිහිටි මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන ඒමට කටයුතු කළේය.

    Latest News